තේරවිල්ලට පිළිතුරක්
ඇස් දහයකි අට බැල්මකි දෙකක් කනා
පා දසයකි අට පයකින් ගමන් යනා
මෙ පස් දෙනෙකි පා සතරකි සැරි සරනා
මේ සන්නේ තේරූ කෙනෙකුන් හපනා
අලුත් විශියෙ මැරතන් දිවිල්ලකටයි සූදානම - මේ අපි ලියන බ්ලොග් ලිපි, එකිනෙකාගෙ ඒවට පිළිතුරු වශයෙන් වගේ ලිවුවොත් එතන නියම සංවාදයක් ගොඩනැඟේවි නේද?
ඔන්න මගේ උත්තරේ අහගන්න,
හරි උත්තරේ නම් මිනියක් අරගෙන යන පිරිස කියන එකනේ - මේක ටිකක් අපේ රටට සම්බන්ධ කරන්නයි හිතුවේ...
ඇස් (මම මේව ඇමතිවරු ලෙසට ගන්නම්) එන්න එන්න වැඩිවේ - එහෙත් සීයට අනූවක්ම කන ඇස් වැනිය - වැඩක් නැත..
මුදල් පා වැනිය - කෙතරම් තිබුණත් අවශ්‍ය දෙයට පාවිච්චි නොකරයි.
බොහෝ පාලකයෝ සිටිති, එහෙත් වැඩි දෙනෙක්ගේ වැඩේ සැරි සැරීම පමණි (පිටරට සංචාර)
බලාගෙන ගියාම ශ්‍රී ලාංකීය දේශපාලනයත් නිකන් මිනියක් අරගෙන යනව හා සමානයි නේද?
කැටි මැරතන්



0 අදහස්:
Post a Comment