Friday, April 18, 2008

අද දවස ගතවුණ හැටි..

වෙන ලියන්න දෙයක් ඔලුවට එන්නෙම නැති නිසා, මගේ අද දවස ගතවෙච්ච හැටි ගැන ලියන්න හිතුනා..

උදේ පාන්‍දරම - පාන්‍දර කිවුවට අට හමාරට විතර - නැගිට්ටා... මගේ වැඩ ටික ඉවර කරල, මල්ලිට කම්පියුටරේ දෙන්න හිතාගෙන, මොකද එතකොට එයාව රෑ අට වෙද්දි එලවගන්න පුළුවන්නේ :P
ඒත් බැලින්නම් මේ යෝදය ඊයෙ රෑ දෙක වෙනකම් ඇහැරගෙන ඉඳල, ඉතින් මාත් මිනිහ නැගිටපු ගමන් - දවල් එකට - කම්පියුටරේ බාර දීල කිව්ව මට රෑ හතහමාර වෙනකොට අනිවාර්‍යයෙන්ම ඕනෙ කියල,
ඉතින් එහෙම කියල පොඩි නින්‍දක් දාන්න හිතුවට ඒක හරි ගියෙත් නැහැ, ඉතින් රූපවාහිනියෙ ගියපු volcano කියන චිත්‍ර පටිය බැලුව - ඒක නම් ටිකක් හොඳයි. ඊට පස්සෙ පොඩි නින්‍දක් ගියා, හයහමාරට විතර නැගිටගෙන මැරතන් එක ගැන හිත හිත හිටිය - මෙන්න එක පාරටම අකුණු ගහන්න පටන් ගත්තනෙ!
හොඳ වෙලාවට හත හතයි කාල විතර වෙනකොට නැවතුණා, ඉතින් මලය කම්පියුටර් එක දෙනකම් කියල සිරස ප්‍රවෘත්ති බැලුව - ඇති දෙයක් නෑ රට ගැන කළකිරෙණ එක විතරයි, ඉතින් ඊට පස්සෙ ස්වාධීන රූපවාහිනියෙ ගියපු මොකද්දෝ ටෙලි නාට්‍යයක් දිහා ඔරෝගෙන ඉඳල හරියටම හතයි පනස් හයට, බලෙන් වගේ කම්පියුටරය පැහැර ගත්ත! මෙන්න ඉතින් මම දැන් මැරතන් ලියනවෝ !!

1 අදහස්:

෴ මහේෂ්-ඩී-ජය ෴ April 21, 2008 2:17 PM  

රජිත volcano බැළුවා කියපු නිසා මටත් හිතුනා ඒ චිත්‍රපටය ගැන පොඩි අදහසක් ලියන්න. volcano කියන්නෙ ගිණිකන්දටනෙ ඒක අපි කවුරැත් දන්න කාරණයක්. ඒවගේම තමයි මේ චිත්‍රපටයෙත් කි‍යවෙන්නෙ ඇමරිකාවෙ සුප්‍රසිද්ද නගරයක හදිස්සියෙ ඇතිවන ගිණිකදු තත්වයක් සහ එම අනතුර හමුවෙ ආපදා කරමණාකරණ නිළධාරීන් හා අනෙකුත් වගකිව යුතු උදවිය සාර්ථකව එයට මුහුණ දෙන හැටි. අනිවාර්යෙන්ම නැරඹිය යුතු චිත්‍රපටයක්.
1997 වර්ෂයෙදි නිපදවුනු මෙම සිනමා නිර්මාණය ඒ වසරේදිම තිරගතවූවා. volcano අධ්‍යක්ෂණය කලේ Mick Jackson අධ්‍යක්ෂවරයා. Tommy Lee Jones මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනවා. ගොඩක් ලස්සන එමෙන්ම දැඩි වෙහෙසක් දරා නිෂ්පාදනය කරන ලද්දක්.

෴ඇතැම් හිමිකම් ඇවිරිණි෴

෴‍යන එන අය෴

෴කියැවූවන්෴

෴විදුලි තැපැල් සේවය෴

ඔබේ විදුලි ලිපිනය ඇතුළු කරන්න:

FeedBurner

මඟිනි෴

  © පියකරු වියමන් සඳහා සහාය Blogger templates විසිනි. සියලුම හිමිකම් Ourblogtemplates.com සතුයි.

නැවතත් මුදුනට