Thursday, May 8, 2008

ශ්‍රී ලංකා ජීනියස් 2008 - පළමු වටයේ අත්දැකීම්

අඟහරුවාදා තමයි කොළඹ විශ්ව විද්යාලය සංවිධානය කරපු ශ්රී ලංකා ජීනියස් තරඟයේ පළමු වටයේ තරඟ... හතට කාලක් තියල එතෙන්ට ගියාට (තාත්ත වැඩට යනකොට කාර් එකෙන්ම ගියාම ලේසියිනෙ - නැත්නම් පොදු ප්රවාහන සේවෙ තමයි) පටන් ගන්න හිතුවෙ නමය විතර වෙද්දි...

කොහොම කොහොම හරි වැදගත් උදවියගෙ කතා (මට නම් ඇල්ලුවෙ එක කතාවක් විතරයි) තියල ප්රශ්න පත්රය දුන්න... එතකොට දහය හමාරයි... කිව්වෙ තොරතුරු තාක්ෂණ දැනුම මිනුම කියල... ඒත් අහපු උලව් තොරතුරු තාක්ෂණයක් නැහැ. ගණිතයෙන් ප්රශ්න අහල තිබුණ - ඒ ටික බුද්ධි පරීක්ෂාවට කියල කියමුකෝ... ඒත් ඉතින් එතන තිබුණු අමුතු තාලෙ ප්රශ්න ගැන තමයි ප්රශ්නෙ! උදාහරණ ලෙස කිහිපයක් උපුටා දක්වන්නම්...
  • ලක්‍ෂපාන දිය ඇල්ල පිහිටා ඇති දිස්ත්රික්කය කුමක්ද?
  • අඹන් ගඟ කුමන වනෝද්යානය හරහා ගලා යයිද?
  • Asunción අගනුවර වෙන රට කුමක්ද? (දීල තිබුණු පිළිතුරු සියල්ල ලතින් ඇමෙරිකානු රටවල්)
  • ලෝක සාක්ෂරතා දිනය කවදාද?
  • ලෝකයේ විශාලතම මාංශ භක්ෂක පක්ෂියා කවුද?
  • මධ්යධරණී මුහුදේ විශාලතම දූපත කුමක්ද?
මේ ඒ අතරින් ප්රශ්න කිහිපයක් පමණයි... පරිගණකයට මඳක් ආසන්න ප්රශ්න පහක් හෝ හයක් දී තිබුණද, ඒවායෙන් දෙකක්ම වැරදි බව පෙනී ගියා
  • එක ප්රශ්නෙක තාර්කික ද්වාර වල තාර්කික ප්රකාශනය අහල තිබුණත් පිළිතුරු සියල්ල වැරදියි - එතන සිටි එක් විශ්ව විද්යාල සිසුවෙක්ගෙන් ඇසූ විට ඔහු කීවේ, "අනේ මන්ද මල්ලි කවුද දන්නෙ" කියායි.
  • තවත් ප්රශ්නයක පරිගණක යතුරු පුවරුවකින් සටහන් කළ නොහැකි "Data type" එක කුමක්ද? කියල අහල තිබුණ. උත්තර වශයෙන් දීල තිබුණෙ,
    1. Unicode
    2. ASCII
    3. EBCDIC
    4. Integer යනු වෙනුයි... මේ ප්රශ්නෙත් වැරදියි.. මොකද මගේ දැනුමෙ හැටියට නම් මෙතන "Data Type" එකක් වන්නෙ Integer පමණයි... අනිත් සියල්ලම "Character Encodings" වන නිසා.
ඉතින් මෙහෙම ඉඳල ඉඳල පිළිතුරු පත්රය අවසන් වූ විට අපට ලැබුණේ කුඩා කෑම පාර්සලයකි... මා නිර්මාංශික නිසා හැකිනම් එබඳු ආහාර සපයන ලෙසට ඉල්ලූ විට ලැබුණු පිළිතුර වුණේ "අයියෝ මල්ලි ඕවයෙ කොහෙන්ද මාළු, ඔන්න ඕක කන්න" වැන්නකි.. ඉතින් බඩ ගින්නේම සිටියෙමි...

ඉන්පසු අනුග්රාහක භවතා, "මේක වෙළඳ දැන්වීමක් නෙමෙයි, ඕගොල්ලන්ට වෙළෙඳ අංශයට මඟ පෙන්වීමක් කියල හිතාගන්නකෝ"යි කියමින් ඉදිරිපත් කළ "ඈනුම් යන" වෙළඳ ප්රචාරය අවසානයේ, ආපන ශාලාවට යෑමට කියා ගිය අපට සිදුවුණේ තවත් ඇබැද්දියකි... ටිකක් ඇඟ පත ඇති "අයියා" කෙනෙක් දොර ළඟ පුටුවක් තියාගෙන වාඩිවී, "මල්ලි කොහෙද ඔය යන්නෙ? සෙටිෆිකට් එක ඕනෙ නේද? ගිහිල්ල වාඩිවෙන්න" කියලා කිව්වේය. ඇතැම් විට ඒ වෙන විටත් ශාලාවෙන් බාගයක්ම වාගේ හිස්ව තිබුණු නිසා විය හැක.

තවද බොහෝ වේලාවක් සිටීමෙන් පසු ව නම වැරදියට ලියා ඇති සහතික පතක් ලැබුණි... එය හදා ගැනීමටද පෝලිමේ ඉන්නට සිදුවිය (තවත් නම් වැරදීම් තිබුණු නිසා)...

අන්තිමේ හතේ හත වැදී ගෙදර පැමිණ හති ඇරියෙමි.

10 අදහස්:

හික් හික් මට නම් මාර හිනා :)
ඒත් හිනාවෙන්න දෙයක් නෙමෙයි බලාගෙන යනකොට. දුක හිතෙනවා.

May 9, 2008 11:13 AM  

අනේ මන්දා මේ ලංකාවේ අධ්‍යාපනේ බාරව ඉන්න 60-70-80 දශක වල ඔලමොට්ටලයෝ ටික පැන්ෂන් ගිහිල්ලා ලංකාවේ යල්පැනගිය අධ්‍යාපනය ගොඩගන්න පුලුවන් මිනිස්සුන්ට ඕක ඉක්මනට බාර දෙන්නේ නැත්තේ ඇයි කියලා... :(

May 9, 2008 11:39 AM  

yeah LOL... think about doing a social studies paper at an IT quiz! duh.... I dunno what these people are doing.

May 10, 2008 8:50 AM  

රජිත මල්ලි,
ඔබ පෙන්වා ඇති(IT) වැරදි ප්‍රශ්ණ පත්‍රයේ තිබේ නම් එය බරපතල ‌වැරැද්දක් මෙන්ම නරක ආදර්ශයකි. එය පෙන්වාදීම ගැන බෙහෙවින් ස්තූති වෙමි මන්ද එය ඉදිරිය නිවැරදි කිරීමට ඉවහල්‍ වනු ඇත.
ඔබ කියනා පරිදි ලක්ෂපාන ඇති දිස්ත්‍රික්කය IT වලට කිසිත් අදාළ නැති බව IT යනු කුමක්ද යන්න දන්නා ඕනාම කෙනෙකුත තේරෙන්නකි. නමුත් කණගාටුවට කාරණාව නම් ඔබ ඔබගේ පාසලට සංවිධායකයින් විසින් එවා ඇති උපදෙස් පත්‍රය කියවා නොමැති කමයි. එහි පැහැදිලි ලෙසම ප්‍රශ්ණ පත්‍රයට අඩංගුදෑ යටතේ සාමාන්‍ය දැනුම, ගණිත හා තර්ක පැන ඇතුළත් වන අතර IT ප්‍රශ්ණ කිහිපයක් පමණක් ඇති බව සදහන්වේ.
මෙම තරගාවලිය පැවැත්වීමේ අරමුණ නම් IT දන්නා අයට තම හැකියාවන් ප්‍රදර්ශණයට අවස්ථාවකි ලබා දීම නොවේ. මන්ද එවන් අයට අවශ්‍ය තරගාවලි ඇති බැවිනි. ශ්‍රී ලංකා ජීනියස් 2008(IT Quiz 2007 හි වර්තමාන පියවර) හි ප්‍රධාන අරමුණ නම් IT සදහා අත්‍යවශ්‍ය තාර්කික දැනුම ඇත්තවුන් සොයා ඔවුන්ට IT දැනුම ලබා දී අනාගතයට සම්පත් රාශියක් දායක කිරීම මිස IT සුපිරි තරුවක් තෝරා ගැනීම නොවේ (ඔබට ගියවර තරගය ගැන අවබෝධයක් ඇත්නම් එය පසක් වනු ඇත).
ඔබට පරිඝණක ක්ෂේත්‍රය ගැන යම් අවබෝධයක් ඇති බව පේනේ. නමුත් මල්ලි එවන් අවබෝධයක් තබා මූලික පරිඝණක දැනීමක් වත් බොහෝ පාසල් සිසුන්ට නොමැත. එවන් වටපිටාවක ඔබ මෙහි මූලික වටයට weakness of ssl, 3D projection, cache/memory coherence, reverse DNS lookup වැනිදෑ පිලිබද ප්‍රශ්ණ බලාපොත්තු වූවාදැයි නොදනිමි. නමුති එවන් දේ ඔබ දැන සිටිනා නමුදු පාසල් සිසුන් 99.9% එවන් දේ ගැන අසාවත් නැත. එමනිසා එවන් ප්‍රශ්ණ අසා සිසුන් අසරණ කොට කාළකණ්ණි විනෝදයක් ලැබීමට සංවිධායකයින් පහත් තත්වයකට වැටී නැතිබව මා දන්නා කරුණකි. මල්ලී ඔබට සුදුසු ශ්‍රී ලංකා ජීනියස් 2008 නොව gsoc 2008 හෝ imagine cup 2008 ය. එමනිසා ඔබගේ කාලය නාස්ති වීම පිලිබදව මා කණගාටු වන නමුත් ඔබ පෙන්වා දුන් වැරදි සංවිධායකයින් විසින් නිවැරදි කර ගනීයැයි බලාපොරොත්තු වන අතරම එම දෝශ පෙන්වා දීම ගැන තුති පුදමි.

May 15, 2008 2:36 PM  

Melick Rajee Baranasooriya
UCSC

මම ද ආදි ආනන්දියෛකු ‍වෙමි.නිර්මාන්ෂික ද ‍‍වෙමි.අ‍‍‍‍පේ ඉස්කෝලේ තවත් නිර්මාන්ෂිකු වීම අගය කරමි.නමුත් මම ඹබ නොදුටු පැත්තක් දැන් කියමි.

පළමු වෙන්ම අපිත් තවම ඉගන ගන්නා පිරිසකි. අපිට ඇති තරම් ඉගන ගැනීමට ඇති දේ ‍බොහෝය. ඒ සියළු දේ පසෙකලා නැග එන කැසිල්ලකට අපි අපේ දුෂ්කර ගම් වල අමාරුවෙන් ඉගන ගන්නා මල්ලිලා නංගිලා ගැන කොහොම කොහොම හරි හොයලා බලනවා. මුළු ලංකාවෙම පෙරේත යන්ට කෑම දෙන්න තාම නම් අපිට හිතිල නෑ .මම නිර්මාන්ෂික උනාට මම කාටවත් කරදර නම් කරන්නෑ. බඩගින්න මස් කෑමට වාඩා මට නම් උතුම්. ඇත්තටම මල්ලි ඹයාට තාත්ත එක්ක කාර් එකේ එන ගමන් perera n Sons එකෙන් කෑම අරන් එන්න තිබ්බේ .අපි දෙන පොඩි කෑම පාර්සලයට අයියලා අක්කලා සෑහෙන්න මහන්සි වෙනවා.

paper ගැන කියනවනම් අපි මුලින් iT කිසිවක් ම ඇතුලත් නොකරමු. ඒ තිබ්බ ප්‍රශ්ණ ටිකත් අයින් කරන්න බැරි වීම ගැන පසුතැවෙමු .අපි iT පස්සේ අහන්නම් මොකද අපේ රටේ තාම ගම්වල අමාරුවෙන් ඉගන ගන්න අයට පරිගණක නෑනේ නේ ද ? ඒක නිසා අපි අහන්නේ මොනව ද කියලා මුලින්ම කියල එව්වා ඒක ඉල්ල ගෙන ආයි බලන්න. ඊ ලඟ තරඟ වටය‍ට ආවොත් ඒක ඹ්න වෙයි.

iT ගැන නම් මල්ලි ඔයා ටිකක් දන්නවා වගේ ඒත් තාර්කික ද්වාර ගැන දැනුම ගැන නම් මට දුකයි .මොකද ඒ ප්‍රශ්නෙට උත්තරය දෙපාරක් invers දාල ගන්න පුළුවන් ගොඩක් අය හදල තිබ්බා.

Charactor Encording එකක් කියල නම් අපිත් දන්නවා ඒත් හැමෝටම තේරෙන්න තමයි එහෙම දැම්මේ.

අන්තිමටම මට කියන්න තියෙන්නේ ඹයා වගේ ලොකු ලොකු කථා කියන මල්ලිලා ගිය සැරෙත් හිටියා ඒත් අන්තිමටම හැමෝම අභිමවමින් දුෂ්කර පලාතක දක්ෂ නංගිලා මල්ලිලා ටිකක් තමයි දින්නේ අපි ඒ ගැන අදත් සතුටු වෙනවා.

May 16, 2008 11:24 AM  

ඔබේ දෙපළගේම අදහස් පැවසීම ගැන මා සතුටු වෙමි.

අයියේ, ඇත්තටම ඔබ මෙතන දැක තිබෙන්නේ මගේ ලිපියේ එක පැත්තක් පමණයි. මම කෑම ඉල්ලා කාටවත් කරදර කළේත් නැත.(කෑම තිබෙනවාදැයි ඇසුවේ, හදිස්සියේවත් තිබුණොත් කියල මිසක් වෙන හේතුවක් නිසා නොවෙයි) එසේ කෑම දීමට කවුරුත් වද වුණේත් නැත. මා කන්න නැතිව බඩගින්නේ සිටි පළමු අවස්ථාව ද, මෙය නොවන බව පැවසිය යුතු ය. මා එමඟින් දැකිවූයේ ශ්‍රී ලංකා ජීනියස් තරඟයේ අඩු පාඩුවක් නොව, මට සිදුවුණු අකරතැබ්බය යි. එසේම මෙය හුඟක් තැන්වල දකින්නට ලැබෙන දෙයක් බවත් මම කියන්න කැමතියි.

අනිත් එක තමයි, මා කියපු ලොකු ලොකු කතාවක් නැත. මම එවැනි කතා කියන්නට කැමැතිද නැත. එහෙම එකක් වැරශීමකින් හෝ කියැවී තිබුණා නම් සමාවෙන්න. ඒත් ඉතින් මම කිව්වෙ මම දැකපු දේ තමයි. මට හිතුණු දේ. ඒ ඔබලා කරන වැඩේ කඩා කප්පල් කරන අදහසකින් නම් නෙමෙයි. ඒත් මම හිතුවෙ නැහැ මෙ තරමට විවේචන නොඉවසන පිරිසක් ඇතිය කියල. ඒක ගැන නම් දුක යි.

ඒ වගේම තාර්කික ද්වාර ගැන යමකුත් කියන්න කැමතියි. මොකද, මට මතක හැටියට නම්, ප්‍රශ්නෙ අහල තිබුණෙ දී ඇති ද්වාරයේ තාර්කික ප්‍රකාශය (Logical Expression) මිස, ඊට සමාන වෙන එකක් නොවේ. ඒ වගේම මම දන්නා තරමින් නම් දෙවරක් ඉන්ව'ස් කළ විට, මුල් ප්‍රකාශයේ පිළිතුරට කිසිම වෙනසක් සිදු නො වේ .

කැරැක්ට' එන්කෝඩින් වෙනුවට ඩේටා ටයිප් කියල තිබුණේ වඩා පැහැදිලි වීම පිණිස නම් - මට කියන්නට ඇත්තේ, එමඟින් ප්‍රශ්නය අපැහැදිලි වුණා මිස, අන් කිසිවක් සිදු නොවුණු බවයි. ඒ මට හිතෙන විදිය වෙන්නත් පුළුවන් - ඒ නිසා මා වැරදි වෙන්නත් පුළුවන්.

ඒ වගේම තාර්කික දැනුම මනින්න භූ ගෝල විද්‍යාවෙන්, සත්ව විද්‍යාවෙන්, සමාජ අධ්‍යයනයෙන් ප්‍රශ්න ඇසීම කොතරම් දුරට සාර්ථක වුණාදැයි මම නො දනිමි.

අවසාන වශයෙන්, නිහඬව නො සිට, මෙයට පිළිතුරු සැපයීම ගැන ඔබ දෙදෙනාටම මම ස්තූතිවන්ත වෙමි.

May 16, 2008 2:52 PM  

Rajith you are correct on logical expressions,as you say if an expression is inversed twice you get the inverse of inverse(original expression) so there is nothing wrong with that.However there should be much more clearer and better questions in the paper.

May 30, 2008 8:26 AM  

> දුෂ්කර පලාතක දක්ෂ නංගිලා මල්ලිලා ටිකක් තමයි >දින්නේ අපි ඒ ගැන අදත් සතුටු වෙනවා.

ඇයි මේ දුෂ්කර පාලාතක් ගැන කිය්නනේ?
හිතන් ඉන්නේ කොළඹ ඉන්නේ ඔක්කොම බුද්ධි මතුන් කියලද??
කොළඹ ඉන්න මැට්ටන්ට ලැබෙන සම්පත් ඔවුන්ට ලැබෙනවා නම්..
ඇපත් නැ!!

June 8, 2008 10:25 PM  

UCSC ‍එකේ ගොඩක් ඉන්නෙ මැට්ටො තමයි. රජිත් මල්ලි ඕවා ගණන් ගන්න එපා.

ඔය මෝඩයන් තමන්ගේ නොදැනුවත්කම් වහගන්න "දුෂ්කර පළාත්" වැනි බොරු ගොඩක් කියනවා තමා.

මේක තොරතුරු තාක්ෂණය නමින් කෙරෙන බොරුවක් නිසා බේරුණා කියලා හිතාගන්න. :D

August 28, 2008 1:40 PM  

මමත් 2007 UCSC තර්ගයට අවා..UCSC සමහ‍ර්ක්ට මාර දුෂ්කර පලාත් අමාරුවක් තියනවා...ගනන් ගන්න එපා මල්ලි.,

October 11, 2008 2:48 PM