නඩුත් හාමුදුරුවන්ගෙ - බඩුත් හාමුදුරුවන්ගෙ
ස්ථානය : කොළඹ විශ්ව විද්යාලය පරිගණක අධ්යයනාංශය ඉදිරිපස
දිනය : 2008-05-10
වේලාව : සවස 4.30 පමණ
දෙදෙනෙක් පාර මාරුවීම සඳහා පැමිණෙති. එක් අයෙක් පෙලිකන් පදික මාරුවේ බොත්තම තද කරයි. දෙදෙනා අදාළ සංඥා එළි දැල්වෙන තුරු බලා සිටී. විදුළි සංඥා රතු එළිය දක්වයි. පදික මාරුව ඉදිරියේ වාහන නවත්වයි. දෙදෙනා පාර මාරු වීමට සැරසෙයි. අඩියක් පමණ පාර මැදට පැමිණෙත්ම.... රතු එළියට බිය නැති පොලිස් සුඛෝපභෝගී රියකි. අනිත් රිය නවතා ඇති හේතුව නොතකමින්, රතු එළිය නොතකමින්, විදුලි වේගයෙන් පදික මාරුව හරහා ඇදී, පාරේ කෙළෙවරින් නොපෙනී යයි.
වාසනාවට.... ඈත ඇදී එන මඟ මරුවා දුටු විගස, එක් අයෙකු , අනිකාවද ඇදගෙන, පාර අයිනට පනී. තව සැණක් ප්රමාද වූයේ නම් මිනිස් ජීවිත දෙකක් , අපරීක්ෂාකාරී , අධම රියැදුරෙකු නිසා අහිමි වන්නට ඉඩ තිබුණි. පාර පැන්නේ තරුණයෙකු හා තරුණියක බැවින් එසේ නැවත පැනගත්හ. මහළු වියේ පුද්ගලයෙකු, ආබාධිතයෙකු, ඒ වෙනුවට සිටියා නම්....
පොලිස් බලය, වෙනත් මාර්ග නීති රීති කැඩීමට බලයක් ද? අපි නොදනිමු. එහෙත්, එම බලය, ජීවිත බිලිගැනීමට දෙන වරෙන්තුවක් නොවන බව මම හොඳාකාරවම දනිමි...
මහජන ආරක්ෂාව, නීතිය හා සාමය - ඔව්, මෙවැනි අමනෝඥ ක්රියා නිසා මේ තුනම බිඳ වැටෙනු ඇත.

කැටි නිරික්සුම්, මම, සමාජය, සිරි ලක

0 අදහස්:
Post a Comment