Tuesday, May 20, 2008

වෙසක් පොහෝ දින දිනූ සේක ලොව බුද්ධ දිවාකරයාණෝ

බුදු පිරිනිවනින් වසර දෙදහස් පන්සිය පනස් දෙවසක් ගත වූ අද දිනත් අපි වෙසක් උළෙල බැතියෙන් සමරන්නෙමු෴ බුදු තෙමඟුල සිදු වූ ඒ උතුම් දිනය උදෙසා ලියැවෙන වියුණු සටහනයි මේ෴




ලුම්බිණි සල් උයන මල් බරව බැබලුණා
සල් මල් සුවඳ උයනත විසිර විහිදුණා
ලොව්තුරු සුවඳ විහිදෙන කුසුම දිස්වුණා
තිලොවග රදුන් මෙදියත එදින බිහිවුණා෴




පුන් සඳ නිසා නිලඹර සොබව දිස්වුණා
පෙදෙසෙහි ගයා නිහැඬිය නොමඳ පැතිරුණා
විදසුන් තෙදින් වසවත් මරහු පැරදුණා
තිලොවග සමිඳු කෙළෙසුන් නසා බුදු වුණා෴



කුසිනාරාව නිහඬව එදා වැළපුණා
සල් මල් සමිඳු සිරුරට කෙමෙන් ගිලිහුණා
පුන් සඳ එළිය පරදන එළිය නිම වුණා
තිලොවග කුසුම පෝ දා ලොවින් පරවුණා෴

5 අදහස්:

samanalee May 20, 2008 5:50 AM  

ලස්‌සනයි මල්ලියෝ!

Ajith P. Perera May 20, 2008 9:06 AM  

As an old Anandian I am proud of your creativity. Please keep it up.

රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi) May 21, 2008 12:41 AM  

දිරි ගැන්වීම වලට බොහොම පින්෴

pakaya June 30, 2008 4:30 PM  
This post has been removed by a blog administrator.
රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi) June 30, 2008 8:45 PM  

කරුණාකර අදහස් පළ කිරීමේ දී නුසුදුසු වදන් යෙදීමෙන් වළකින්න ෴ නුසුදුසු වදන් සහිත සියලුම අදහස් ඉවත් කෙරෙන අතර, එසේ ඉවත් කිරීම ගැන උදහස් නො වන්න෴

෴ඇතැම් හිමිකම් ඇවිරිණි෴

෴‍යන එන අය෴

෴කියැවූවන්෴

෴විදුලි තැපැල් සේවය෴

ඔබේ විදුලි ලිපිනය ඇතුළු කරන්න:

FeedBurner

මඟිනි෴

  © පියකරු වියමන් සඳහා සහාය Blogger templates විසිනි. සියලුම හිමිකම් Ourblogtemplates.com සතුයි.

නැවතත් මුදුනට