සිංහළ පෙරැළියක රඟ

කොතැනකවත් තිබුණු පෙරැළියක් නෙමෙයි - ශ්‍රී ලංකා පරිගණක සංගමයේ නිල වෙබ් අඩවියේ තිබුණු එකක්!
මෙහි "පමා" දොස් 12ක් මා හට දැනට දක්නට ලැබුණු අතර, ඉන් 11ක් රූප සටහනේ 1 සිට 11 තෙක් යොදන ලද අංක වලින් පෙන්වා ඇත෴ ඒ එකිනෙක පිළිබඳ විස්තරයක් සියල්ලන්ගේම දැන ගැනීම පිණිස පහත දක්වමි෴
1. "ලේකණයේ" යන්න "ලේඛනයේ" විය යුතු යි෴
2. "කුසලතාසෙවුම" යන්න "කුසලතා සෙවුම" ලෙසින් පද වෙන් කොට දැක්විය යුතු යි෴
3. "සන්දානය" යන්න "සන්ධානය" ලෙසින් නිවැරදි විය යුතු යි෴
4. මෙහි "පාසල" යන්න "පා සල" විය යුතු යි෴ එසේම රූපයේ නොයෙක් තැන් ව්ල් "පාසල" සහ "පාසැල" යන යෙදුම් දෙකම භාවිතා කර ඇති බව පෙනේ෴ "පාසැල" යන්න ඉතා වැරදි අරුතක් දෙන අතර "පාසල" යන්න ද පද වෙන්කර ලිවීම වඩා සුදුසු බව මගේ මතය යි෴
5. "කරවි" යන්න "කරවිය" විය යුතු යි෴
6. "කණ්ඩායමක්මක්" යන්න "කණ්ඩායමක්" විය යුතු යි෴
7. "ගැටළු සතර ලබා දෙනුයේ .... භාෂා උපයෝගී කරගෙන" නොව ".... භාෂා අතුරින් එකක් උපයෝගී කරගෙන විසඳීමට යි" ... එ නිසා මෙය ද කියවන්නන් නොමඟ යවන සුළු වගන්තියකි෴
8. අවසන් තරගය යැයි කීමට නම් ඊට පෙර ද, තරග තිබිය යුතු යි෴ එහෙත් මෙය එබඳු තරගයක් නො වේ෴ එසේම "තරඟ" යන්න "තරංග" යන අරුත දෙන බැවින් මෙහි දී "තරග" යන අරුත දීම පිණිස යෙදීම නො වටී෴
9. "ලියාපදින්චි" යන්න "ලියාපදිංචි" යනුවෙන් නිවැරදි විය යුතු යි෴
10. අඩවි ලිපිනය ලබා දී ඇත්තේ "www,cssl.lk" යනුවෙනි෴ (තිත වෙනුවට කොමාව යොදා ඇත). එසේම "ෆෝරමය" යන්න වෙනුවට "අයදුම් පත" යනුවෙන් යෙදුවේ නම් වඩා සුදුසු ය෴
11. "SEARCC තරඟාවයට" යන්න "SEARCC ISSC තරගයට" යනුවෙන් සඳහන් විය යුතුය෴ (SEARCC යනු තරගයේ නම නොවන බැවින්)
12. (රූප සටහනේ දක්වා නොමැත - "SEARCC ජාත්‍යන්තර තරඟ සඳහා සහභාගී වීම:" යන ඡේදය බලන්න) - මෙහි තරගයේ නම දක්වා ඇත්තේ NSCC ලෙසයි෴ මෙය NSSC (National Schools' Software Competition) විය යුතු යි෴
මේ වැරදි පිළිබඳව මාගේ අදහස නම් මේවා නොදැනුවත් කම නිසා නොව නොසැළකිල්ල නිසා සිදු වූ ඒවා බව ය෴ එහෙත් ශ්‍රී ලංකා පරිගණක සංගමය විසින් සංවිධානය කරන වැදගත් තරගයක් පිළිබඳව තම නිල වෙබ් අඩවියේ පල කෙරෙන දැන්වීමක් මීට වඩා හොඳ මට්ටමකින් විය යුතු බව මගේ අදහස යි෴
ප.ලි. : මෙහි තවත් එක වරදක් ඇත෴ හැකි නම් සොයන්න෴
කැටි නිරික්සුම්, පිරිගැණුම්, සිංහළ



මලින්ත සමරකෝන් said...
හපොයි! මේක නම් බරපතලයි :D
අනික මේකේ එතරම් වෘත්තිමය පෙනුමකුත් නැහැ නේද?
June 1, 2008 6:17 AM
kasun said...
කණගාටුදායකයි!
June 1, 2008 11:12 AM
Anonymous said...
නියමයි රජිත් ඔහොම යං අපි ලංකාවට සිංහල උගන්නමු :)
June 9, 2008 6:10 PM