Friday, June 13, 2008

නුමුසු වදනින් - නිවැරදි නියරින්

මගේ වියුණු සටහනෙහි ලිපි පළ කිරීමේදී අද පටන් වෙසෙස් වෙනසක් කරන්නට සිත් පහළ විය෴ ඒ නුමුසු වදනින් ලිපි පළ කෙරුම යි෴ වෙනත් අයුරකින් කියතොත් සකු බසේ හෝ පෙළ බසේ හෝ ඉග්‍රීසියේ හෝ පිහිටක් නො ගෙන සිංහළ වදනින් ම ලිපි රසැයීම යි෴

මෙහි දී මම මගේ වියුණට පැමිණෙන සියලු දෙනා ගෙන් සුළු උදව්වක් බලාපොරොත්තු වෙමි෴ මා අතින් වැරදීමකින් හෝ නුමුසු වදනක් ගැන තිබෙන නොදැනුවත්කම නිසා හෝ මුසු වදනක් පළ වුණි නම්, ඔබ ඒ වදන සඳහා වන විකල්ප වදනක් දනී නම්, අදාල ලිපිය යටතේ අදහසක් ලෙස එය සඳහන් කරන්න෴ එ පමණක් නො වේ෴ තවත් වෙසෙස් උදව්වක් අවැසි ය෴

මා හැකි තාක් දුරට දන්නා වියරණ නියර නො බිඳා රසැයුමට තැත් කරමි෴ එහෙත් අතපසු වීමකින් හෝ නොදැනුවත්කම නිසා හෝ වියරණ බිඳීමක් සිදු විය හැක෴ මෙහි දී පද බෙදීමේ දොස්, අකුරු වින්‍යාසයේ (නුමුසු වදනක් දතොත් දන්වන්න) දොස් සහ අනිකුත් වියරණ විදි බිඳීම් මුල් කොට සලකමි෴ මෙබඳු දොසක් ගැන වුව ද, අදහස් යටතේ මා හට දන්වන්න෴ ඇතැමුන් මෙන් දොස් පෙන්වා දීමේ දී කිපෙන්නෙක් නොවෙමි෴ එහෙත් වැරදි අදහස් ලෙස පළ කිරීමට මැලි නම් විදුලි පණිවුඩයක් (විද්‍යුත් තැපැල්) හෝ එවන්නේ නම් මැනවි෴ මන්ද, ඒ සුළු උදව්ව මගේ බස පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීමටත්, වැරදි සිංහළ සහිත දේ තුරුදැලට (අන්තර්ජාලයට) එක් වීම වැළකීමටත්, උදව් වන බැවිනි෴

මේ වියුණු අඩවියේ ලිපියක හෝ වෙනත් කිසිම තැනක හෝ ඉහත සඳහන් කළ කරුණු දුටොත් ඒ ගැන ද, මැලි නො වී දන්වන්නේ නම් එ ද, මහඟු උදව්වකි෴

25 අදහස්:

[{ ## }] || HasH || [{ ## }] June 30, 2008 10:25 PM  

obe prayathnaya ihalinma agaya kota salakami... ma sathuwa viduli sinhala akuru nomathi bavin ingrisi akurin ma pavaseemata adahas kalemi. e pilibandawa maage balawath kanagaatuwa prakasha kara sitimi.... maa hata pawaseemata aththe obage prayathnaya thawaduratath pulul thalayakata gena gos hela basa raka gaanime jaathika waayamata uradena ananda puthuku bawata path wenna kiyai.

රාජිත උඩවල්‍‍පොල July 17, 2008 1:01 PM  

මා හැකි තාක් දුරට දන්නා වියරණ නියර නො බිඳා රසැයුමට තැත් කරමි෴

Anonymous,  November 14, 2009 9:50 AM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 14, 2009 9:31 PM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 14, 2009 11:15 PM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 15, 2009 1:34 AM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 15, 2009 6:58 PM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 15, 2009 9:59 PM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 16, 2009 2:51 AM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 16, 2009 3:33 AM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 16, 2009 2:31 PM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 16, 2009 3:14 PM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 16, 2009 4:39 PM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 16, 2009 5:24 PM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 16, 2009 7:31 PM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 16, 2009 8:15 PM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 16, 2009 9:45 PM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 16, 2009 10:26 PM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 17, 2009 12:26 AM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 17, 2009 1:17 AM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 19, 2009 3:15 AM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 19, 2009 12:51 PM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 19, 2009 2:16 PM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 19, 2009 2:49 PM  
This post has been removed by a blog administrator.
Anonymous,  November 20, 2009 3:33 AM  
This post has been removed by a blog administrator.

෴ඇතැම් හිමිකම් ඇවිරිණි෴

෴‍යන එන අය෴

෴කියැවූවන්෴

෴විදුලි තැපැල් සේවය෴

ඔබේ විදුලි ලිපිනය ඇතුළු කරන්න:

FeedBurner

මඟිනි෴

  © පියකරු වියමන් සඳහා සහාය Blogger templates විසිනි. සියලුම හිමිකම් Ourblogtemplates.com සතුයි.

නැවතත් මුදුනට