Tuesday, November 18, 2008

හදවතින් අප යුද බිමේ ඔබ තනි කළේ නැත කිසි දිනේ෴

මේ රණවිරු සතිය යි. රට රකින සෙන් මුළු දකුණේ සිට උතුරට, උතුරේ සිට දකුණට, නො කැඩි බිම් තීරුවක් ලක් මව වෙත ලබා දුන්හ. බටහිර වෙරළ තීරය කොටි පිළිලයෙන් නිදහස් විය. ඒ වෙනුවෙන් රට රකින රණවිරුවන්ට පන්හිඳෙන් කෙරෙන උපහාරය යි මේ.




පෑ
විකුම් ඇති රණ තෙදින් ඔද රුපුන් මඬිනාවීරයින්
රෑ
දිවා නො බලා සටන් වදිනා දැයේවාසනාවන්
මේ
විකුම් පුතණුවන් ලක් මව පුද කරමු ඔල්වරහඬින්
නෑ
දුරක් දිනනා දිනත් උතුරත් වසා සිහ දදපෙළින්

4 අදහස්:

චන්දිම November 19, 2008 9:05 AM  

ඉතාම අගෙයි රජිත්. උපන් රට පාවාදීම ෆැශන් එකක් කරගත් සමහර ජනමාද්ය විජ්ජාකරුවන්, ඇන්.ජී.ඕ කාරයින්ගෙ දෙශ ද්‍රෝහී අවජාතකකම් අතර ඔබ වැනි ලක් පුතුන් වාසනාවන්.

අමල් ඉෂාන්ත November 19, 2008 7:51 PM  

රජිත් මම මේ කවිය බැනර් එකක් සඳහා යොදා ගත්තාට කමක් නැද්ද?

රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi) November 27, 2008 7:30 PM  

කමක් නැහැ. අදහස්වලට තුති.

නාමල් උඩලමත්ත December 2, 2008 9:22 AM  

ඉතා ම අගනා කාලෝචිත පැදි පෙළක්. ජය!

෴ඇතැම් හිමිකම් ඇවිරිණි෴

෴‍යන එන අය෴

෴කියැවූවන්෴

෴විදුලි තැපැල් සේවය෴

ඔබේ විදුලි ලිපිනය ඇතුළු කරන්න:

FeedBurner

මඟිනි෴

  © පියකරු වියමන් සඳහා සහාය Blogger templates විසිනි. සියලුම හිමිකම් Ourblogtemplates.com සතුයි.

නැවතත් මුදුනට