කෙ සේ අමතක කරන්නෙමු ද අපි?

මින් සිව් වසරකට පෙර වූ සුනාමිය, ලක්වැසි අපට අමතක කරන්නට බැහැ. ඒ වෙන දා මිතුරු සයුර සතුරු ව, ලක් බිම් කරා විත්, අපෙන් කොටසක් රැගෙන ගිය නිසා. එදා අප හැර දා ගිය ලක්වැසි, ලෝවැසි සියලු දෙනා සිහි කරමු මෙ ලෙසින්෴
| රුදු රළ පෙරළෙමින් එන විට අප | හැඬුවා |
| රළ පෙළ අතර ගිලෙමින් බුදු ගුණ | ගැයුවා |
| අදහන නො යෙක් දෙව් ගුණ ගයමින් | යැදුවා |
| සැඩ රළ පහර එක් සොහොනක යට | කෙරුවා |
| රට වට සයුර මිතුරුව සිටි මුත් වෙන | දා |
| අප හැඬවුවා රුදු රළ පහරින් එම | දා |
| ගෙන ගිය සොහොයුරන්, සෝයුරියන් අප | දා |
| අමතක වන්නෙ නැහැ සිහි කරනෙමු සැම | දා |




0 අදහස්:
Post a Comment