ඉතාමත් දුකින් තමයි මේක ලියන්නෙ, සාපෙළ ඉවර වෙලා තිබුණ මාස පහක විතර කාලෙ තුළ ටික ටික වැවිල තිබුණු කොණ්ඩෙ දැන් කවදා කපන්න වේදෝ කියල මාර දුකින් ඉන්නෙ..
අපේ ඉස්කෝලෙ විනය ගැන වැඩියම වදවෙන්නෙ කොණ්ඩෙ ගැන තමයි - සාපෙළ ඇතුළත්වීමෙ පත්‍රිකා දෙන්න කලිනුත් බැලුවෙ කොණ්ඩෙ වැඩිද නැද්ද කියල - එදා වෙච්ච දුක්බර සිද්ධිය මෙසේ ලියා තබන්න කල්පනා කළේ ලියන්න වෙන මුකුත් හිතට නේන නිසා..
ඉස්කෝලෙ අන්තිම වාරෙ ඉවර වෙන්න තිබුණෙ දවස් තුනයි, උදේ පාන්‍දර එළි වෙනකොටම ඉස්කෝලෙට ගිහින්, එහෙන් මෙහෙන් කට්ටි පැන පැන හිටිය.. අන්තිම දවසත් උදාවුණා, එදා බුදු මැදුරෙ තිබුණ පොඩි පූජාවක්, ඒකට පෝලිම් ගහල යනකොටත් කොණ්ඩ බල බල තමයි යැව්වෙ, ඒකෙනුත් ඔලුව පාත් කරගෙන ගිහින් බේරුණා.
පූජාව ඉවර වුණාම නම් හිතට ආවෙ මාර ජොලියක් - දැන් ඉතින් කොණ්ඩෙ කපන්න වෙන්නෙ තව මාස ගාණකින්නෙ!
මොන, මෙන්න බැලින්නම් බුදුමැදුරෙන් එලියට යද්දි, ප්‍රිෆෙක්ට්ලා දහදෙනෙක් විතරයි, අපේ විනයභාර සර්ත් එක්ක එක්කෙනාගෙ එක්කෙනාගෙ කොණ්ඩ ඇදල බලනව කොච්චර දිගද කියල - මමත් ඉතින් කරන්න දෙයක් නැති කමට පෝලිමේ ගියා - සර් කොණ්ඩෙන් ඇද්ද විතරයි, මාස තුනකට කලින් කපපු කොණ්ඩෙ දිග පෙනුණෙ නැතෑ...
යන්න කිවුව කොණ්ඩෙ කපන්න ඉන්න පෝලිමට - බලද්දි, එතනම ළමයි පනහක් - හැටක් විතර ඉන්නව කොණ්ඩෙ කපන්න අල්ලගත්තු. ඉතින් උදේ අටට විතර කපන්න ගත්තු කොණ්ඩ පෝලිම ඉවර වුණේ හවස එකට විතර - බාබර්ට නම් එදා මාර ජොලි ඇති, එක්කෙනෙක්ගෙ කොණ්ඩෙ කපද්දි රුපියල් අසූවක්ම ගත්ත. ඒත් ඉතින් දැන් ඒකට කමක් නෑ මේ මාස පහට ඇති වෙන්න වැවුණ. :P මට දුක ලබන මාසෙ ඉස්කෝලෙ පටන් ගත්තම කපන්න වෙන එක ගැන :(
මට හිතාගන්න බැරි අනුන්ගෙ කොණ්ඩයක් ගැන වෙන අයට තියෙන ඇඟේ අමාරුව ගැන - ඇත්තටමයි කියන්නෙ සර්ගෙ මූණට කුණුහරුපයක් කියනවට වැඩිය මිනිහට කේන්ති යනව කොණ්ඩෙ ටිකක් වැවුණම, අපේ රටේ වැඩි හරියක් දෙනා බාහිරින් මිනිස්සුන්ව මනින එක නවත්තන්නෙ කවද්ද කියල ඉතින් මාත් බලන් ඉන්නව!!
කැටි
මැරතන්