පරණවාඩිය
අනඳ විදුහල පිහිටි බිම ඈත අතීතයේ හඳුන්වා තිබුණේ, "පරණවාඩිය" ලෙස යි. ඒ පෘතුගීසි හමුදා සමඟ සටනට යන අතරතුරේ දී, පළමු වන රාජසිංහ රජුගේ සේනා ලැගුම් ගෙන තිබුණු තැනක් නිසා බවත් අසා තිබුණා. "පරණවාඩිය" යන්න මෑතක දී යෙදුණු බවක් නම් මා දැන සිටියේ නැහැ.
මේ ළඟක දී පටන් විදුලි ටිකට් යන්ත්ර මඟින් ටිකට් නිකුත් කරන බැවින් වෙන දා බොහෝ විට ටිකට් නො දෙන කෙටි දුර (රු. 6ක දුර) ගමන් සඳහා ද, ටිකට් ලබා දෙනු දක්නට ලැබුණා. පාසලේ සිට බොරැල්ලට යාමේ දී මා හට ලැබුණු ටිකට් පතක් පහත සේයාරුවෙහි දක්නට ලැබෙනවා. මෙහි නැවතුමේ නම "පරණවාඩිය" ලෙස දක්වා තිබීම වෙසෙස් කරුණක් ලෙස සිතුණු නිසා මෙහි පළ කරන්නට අදහස් කළා.




5 අදහස්:
මා ආනන්දයේ උගත් කාලයේදී (1979-86) නම් පරණවාඩිය නම බහුලව භාවිතා වුනා. දැන් ඉතින් කවුරුත් 'ආනන්දේ ළඟ' කිව්වම පරණවාඩිය කියනවාට වඩා දන්නවා. ඒ අසළ ප්රදේශ වලට භාවිතා වූ ස්ටොක්වත්ත, මරියකඩේ වැනි නම් පවා දැන් භාවිතයෙන් ඉවත් වෙලා.
අපි ඉස්කෝලෙ යන කාලෙ පිලියන්දල ඉදල ගිය අපේ පාසැල් බස් රථයෙ නම තිබුනෙ පරණවාඩිය කියල. ඒ දවස් වල කවුරුත් අපිව දන්නෙ පරණවාඩියෙ යන කොල්ලො කියල.
බණ්ඩාරගම,
දැනටත්, ස්ටොක්වත්ත හා මරියකඩේ යන නම් කලාතුරකින් පාසල තුළ දී නම් අසන්නට ලැබෙනවා. ඉන් බාහිර යෙදීමක් නම් ඒ නම්වලට මා දන්නා පමණින් නැහැ.
තාරක,
ඔබ ආනන්දයට ගියේ කුමන කාල වකවානුවේ ද කියා දැනගන්න පුළුවන් ද?
අදහස් පළ කිරීම ගැන ඔබ දෙ දෙනාට ම තුති෴
@රජිත්
මම ගියෙ නාලන්දෙට 89 – 97 කාලෙ. ඒ කාලෙ ආනන්දෙයි නාලන්දෙයි කියල වෙනසක් තිබුනෙ නෑ. අපි දෙගොල්ලටම තිබුනෙ එකම School bus එක.
හරිම සුන්දරයි......... ඉස්කෝලෙ ගිය කාලෙ මතක් වුණා........
Post a Comment