Sunday, March 22, 2009

නැවුම් පෙනුමක් සමඟින් පන්හිඳ

පන්හිඳෙහි පැරණි පෙනුම බොහෝ කල් එකසර ව රැඳී තිබිණි. පන්හිඳ අරඹා වසරකුත් මාස තුනක් පමණ වන්නට එන මේ මොහොතේ පන්හිඳේ පෙනුම සැලකිය යුතු සෙයින් වෙනස් කරන්නට සිත් විය. කලකට පසුව ලද විවේකයත් බිජුවට කොට, කරළියට පැමිණි නව පෙනුම යි මේ෴

මෙම නව පෙනුම සපුරා ගැනීම උදෙසා, මම "Our Blogger Templates" යන වෙබ් අඩවිය සහාය කර ගතිමි. රිසිකරණය ඉතා පහසු වියමන් (templates) ලබා දෙන මෙම අඩවිය ගූගල්හි බ්ලොගර් සේවාව සාර්ථක ව භාවිතා කිරීම පිළිබඳ සම්පත් රැසක් ද, සපයයි.

මැය සඳහා පසුතලය, මා හට ලැබුණු නවතම තෙවන ඇසින් පුස්කොළ පොත් කිහිපයක් දිස්වන අයුරු දක්වයි.

පන්හිඳේ පෙනුම තව දුරටත් නෙත්කලු කරගනිමින් නව වසරට පිය නැඟීම සඳහා, පන්හිඳ වෙත පියනැඟූ ඔබේ වටිනා අදහස් අපේක්‍ෂා කරමි.

5 අදහස්:

Bo March 22, 2009 7:29 PM  

හරිම ප්‍රියමනාප පසුබිමක්. බොහොම හොඳයි. දිගටම ලියන්න මල්ලී.

malee_msg March 22, 2009 9:34 PM  

ලස්සනයි පෙනුම

රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi) March 22, 2009 11:36 PM  

:D දෙන්නටම බොහොම ස්තූතියි. දිගටම ලියනවා, අනිවාර්‍ය‍යෙන්ම!

-බිன்ku- March 23, 2009 2:46 AM  

ලස්සනයි පෙනුමත් එක්ක බැදි සරල බවත්. ආයිත් ලියන්න අයියේ වේලාවක් තියෙන වේලාවට.

Arumaya April 13, 2009 9:48 AM  

දීඝායුවේවා ඔබට..... තමන් සොයාගන්නා නවමු තාක්‍ෂණීක භාවිතයන් නිර්ලෝභිව අන් අය සමග බෙදා හදා ගැනීම මහාත්ඵල මහානිශංෂ ගෙන දෙන උත්තම කටයුත්තකි සබඳ.....ඔබ උත්තමයෙකි....

෴ඇතැම් හිමිකම් ඇවිරිණි෴

෴‍යන එන අය෴

෴කියැවූවන්෴

෴විදුලි තැපැල් සේවය෴

ඔබේ විදුලි ලිපිනය ඇතුළු කරන්න:

FeedBurner

මඟිනි෴

  © පියකරු වියමන් සඳහා සහාය Blogger templates විසිනි. සියලුම හිමිකම් Ourblogtemplates.com සතුයි.

නැවතත් මුදුනට