Sunday, April 19, 2009

ආච් ලිනක්ස් සමඟ සිංහළ - පියවර පහකින්෴

ආච ලිනකස් පද්ධතියේ සිංහළ යතුරු ලිවීම හා කියැවීම් සහාය පිහිටුවා ගන්නා අයුරු පිළිබඳ ව කෙටි සටහනක් තබන්නට සිත් වූයේ මා හටම අනාගතයේ අවැසි වේ දෝ යි සිතුණු නිසායි. මෙතෙක කල් මා භාවිතා කළ උබුන්ටු පද්ධතිය ඉවත් කොට නැවතත් ආච ලිනක්ස් පිහිටුවීමට සිතුණේ අලුත් අවුරුදු නිවාඩුවත් සමඟ කලකින් නො ලැබුණු විවේකයක් ලැබුණු බැවිනි. එහෙත් එහිදී මා මුහුණ දුන් ගැටළුවක් වුණේ සිංහළ සහාය පිහිටුවා ගන්නා අයුරු මතකයෙන් ඈත් වී තිබීමයි.



එහිදී මා මුහුණ දුන් ගැටළුවක් වුණේ මේ පිළිබඳ ව උපදෙස් හා සහාය ඉතා අල්ප වීමයි. ඒ ගැටළුව යම් පමණකට හෝ මඟ හැරවීමට මා අනුගමනය කළ පියවර මෙහි කෙටියෙන් සඳහන් කරමි.

සැ.යු: මෙහි සඳහන් වනනේ ග්නෝම් යටතේ scim ඇසුරෙන් සිංහළ සහාය පිහිටුවා ගන්නා අයුරු යි.

1. සිංහළ අකුරු රටාවක් පිහිටුවා ගන්න.

සිංහළ අකුරු රටාවක් බාගෙන
, එය ~/.fonts වෙත පිටපත් කරන්න.
# cp lklug.ttf ~/.fonts

2. scim පිහිටුවා ගන්න.

# sudo pacman -S scim

ඉන් පසු /etc/profile වෙත පහත පේළි පිටපත් කරන්න.

export XMODIFIERS=@im=SCIM
export GTK_IM_MODULE="scim"
export QT_IM_MODULE="scim"
scim -d


3. සිංහළ ලිවීම සඳහා සයුර පිහිටුවා ගන්න.

# yaourt -S scim-sayura

මෙහි දී ඔබේ පිරිගණකය බිටු 64bit නම්, PKGBUILD හි arch('i686') යන්න, arch('x86_64') ලෙස සැකසිය යුතු යි.

4. scim ඔබට අවැසි පරිදි රිසිකරන්න.

# scim -d

scim හි Scim Setup වෙත පිවිස ඉන් සයුර තෝරා අනෙක් රිසිකරණ ද සිදුකොට, XSession නැවත අරඹන්න.

5. සිංහළෙන් වැඩ අරඹන්න!

4 අදහස්:

tuxbotix May 10, 2009 2:22 PM  

මෙහි KDE වලද එතරම්‍ වෙනසක්‍ නැතිව පිහිටුවිය හැක,නමුත්‍ QT පාදක කරගත්‍ වැදසටහන්‍ වල යම්‍ යම්‍ ගැටලු ඇත

ප්‍රසාද් ජයශංඛ වික්‍රම ආරච්චි August 27, 2009 1:39 PM  

අච් ලිනුක්ස් ගැන මා එතරම්ම නොදනිමි . එනමුත් මෙය සයුර ඩෙබියන් පැකේජයෙන් ( .DEB) කල නොහැකිද ???

රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi) August 28, 2009 11:31 PM  

ඩෙබියන් ගොනු මඟින් මෘදුකාංග පිහිටුවිය හැක්කේ ඩෙබියන් පාදක කොට ගත් පද්ධතිවල යි.

* "මා ... නොදනිමි." යන්න -> "මම ... නො දනිමි." ලෙස වෙනස් වුණි නම් අගෙයි.

tuxbotix September 15, 2009 11:02 PM  

There is the things needed to build the .deb package for sayura and the instructions are in this site http://www.sayura.net/im/ in heading of Installing in the last part of the page!

෴ඇතැම් හිමිකම් ඇවිරිණි෴

෴‍යන එන අය෴

෴කියැවූවන්෴

෴විදුලි තැපැල් සේවය෴

ඔබේ විදුලි ලිපිනය ඇතුළු කරන්න:

FeedBurner

මඟිනි෴

  © පියකරු වියමන් සඳහා සහාය Blogger templates විසිනි. සියලුම හිමිකම් Ourblogtemplates.com සතුයි.

නැවතත් මුදුනට