Monday, June 8, 2009

සුදු බුදු පිළිමය෴


සුදු බුදු පිළිමය
පියුමාසන මත
වැඩ හිඳිනා දෙස
පිය නඟනෙමි මම

අවර දිගින් එන
රත් පැහැ රැස් කඳ
සිවුරු තලයෙ වැද
මවන රටා රඟ
බලා සිටිමි මම

මෙත් කරුණා ගුණ
ගලනා නෙතු යුග
දෙස නෙත් යොමු කොට
දැහැන් ගත ව සිත
බලා සිටිමි මම

හිමි ඔබ නිසලව
බලා සිටින සඳ
ඔබෙ පාමුල හිඳ
ඒ නෙතු යුග දෙස
බලා සිටිමි මම


0 අදහස්:

෴ඇතැම් හිමිකම් ඇවිරිණි෴

෴‍යන එන අය෴

෴කියැවූවන්෴

෴විදුලි තැපැල් සේවය෴

ඔබේ විදුලි ලිපිනය ඇතුළු කරන්න:

FeedBurner

මඟිනි෴

  © පියකරු වියමන් සඳහා සහාය Blogger templates විසිනි. සියලුම හිමිකම් Ourblogtemplates.com සතුයි.

නැවතත් මුදුනට