tag:blogger.com,1999:blog-4525045576007208501.post3427912044506340785..comments2008-07-25T14:33:25.392+05:30Comments on ෴පන්හිඳ෴: සිංහල ද? සිංහළ ද?රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi)http://www.blogger.com/profile/06480425066273873755noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-4525045576007208501.post-66444082584508654672008-07-25T14:33:00.000+05:302008-07-25T14:33:00.000+05:302008-07-25T14:33:00.000+05:30ඔබේ පිළිතුරට පිං. මේ වූ කලී අප වහා විමසා නිවැරදි ක...ඔබේ පිළිතුරට පිං. මේ වූ කලී අප වහා විමසා නිවැරදි කළ යුතු තනෙකැයි හඟිමි. මගේ මතක සෝදිසියෙන් ලියූ දෑ පොතපත ඇසුරින් විමසා නුදුරේදීම සංහිඳේ ලියා තබමි. මා වැරදි නම් එවරද මරා වහා නිදොස් වෙමි. ජය !!!නාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-4525045576007208501.post-31210409685976380392008-07-25T13:41:00.000+05:302008-07-25T13:41:00.000+05:302008-07-25T13:41:00.000+05:30නාමල්,ඔබ සමඟ විවාදයකට පැමිණීමට අදහස් නො කළෙමි. සිං...නාමල්,

ඔබ සමඟ විවාදයකට පැමිණීමට අදහස් නො කළෙමි. සිංහළ යන්න දැන්වත් යොදා ගැනීමේ අවැසි බව දක්වන්නට, දනවන්නට පිළිතුරක් ලීවෙමි.
උපුටා ගත් දේ පිළිබඳ සඳහනක් නො කිරීම ගැන කමන්න. ලිපියේ තිබූ අඩු-පාඩු පෙන්වා දීම ගැන තුති. එම අඩු-පාඩු මකන්නට ලිපියේ අගට එකතුවක් එක් කළෙමි.රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi)http://www.blogger.com/profile/06480425066273873755noreply@blogger.comtag:blogger.com,1999:blog-4525045576007208501.post-46655516961248556602008-07-25T09:06:00.000+05:302008-07-25T09:06:00.000+05:302008-07-25T09:06:00.000+05:30ඔබ පවසන දෑ සමග මට විවාදයකට යාමේ උවමනාවක් නැත. අනෙක...ඔබ පවසන දෑ සමග මට විවාදයකට යාමේ උවමනාවක් නැත. අනෙක මා ඔබ පමණ සිංහල වියරණය දන්නේ ද නැත. ඔබ පුනරුච්චාරණය කරන මතය වඩාත් හොඳින් විමසන කල මා අනුමත කළ එහි එන ඇතැම් දේ නිවැරදි නොවන බව පෙනේ. සීහළ යනු පාලි ය. සිංහල යනු සකුව ය. සිංහළ යනුවෙන් වදනක් නොමැත. එසේ තිබිණි නම් හෙළ හවුලේ පතපොත හැර අන් තැනකින් නිදසුනක් පෙන්වා මා නිවැරැදි කළ මැනවි. එමෙන් ම කිසි ගතෙකින් යමක් උදුරා පාන කල්හි අදාළ කෘති දැක්වීම අප වන් දුහුනන්ට පහසුවෙකි. ඒවා කළ පඬුවන්ට බුහුමනෙකැයි පවසමි.
අප මව් බස එමැ බසින් මැ හැදින්වීමට අවැසි නම් 'හෙළ බස' යනු සුනිසි වහර යයි යෝජනා කරමි.නාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-4525045576007208501.post-62968476236565955992008-07-24T13:03:00.000+05:302008-07-24T13:03:00.000+05:302008-07-24T13:03:00.000+05:30හර්ෂණ,මුලින්ම පැසැසුමට තුති.මාත් යොදාගන්නේ ෆයර්ෆොක...හර්ෂණ,

මුලින්ම පැසැසුමට තුති.

මාත් යොදාගන්නේ ෆයර්ෆොක්ස් ම තමයි. එහෙත් මට හොඳින් දිස් වේ. දොස කුමක් දැයි නො දනිමි. ඔබ කී ලෙස අවැසි සැකසුම් කරන්නම්. දැන්වූවාට පින්.රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi)http://www.blogger.com/profile/06480425066273873755noreply@blogger.comtag:blogger.com,1999:blog-4525045576007208501.post-32368257613566099092008-07-24T13:01:00.000+05:302008-07-24T13:01:00.000+05:302008-07-24T13:01:00.000+05:30නාමල්,සිංහළ යන්න සිංහල වුණේ බසේ නමත් සකුවෙන් ලියන්...නාමල්,

සිංහළ යන්න සිංහල වුණේ බසේ නමත් සකුවෙන් ලියන්නට පටන් ගත් පරගැති සිතුවිලි මුල් කරගෙන යි. ඉංග්ලිෂ්වලින් ගත්ත ද, සකුවෙන් ගත්ත ද, පරගැති බව පරගැති බව ම යි. තව ටික කලකින් සිංහළ > සිංහල > සිංහලීස් වෙ යි ද කවුද දන්නෙ?
එහෙම වුණත් අපට සිතේවි එයත් තව සරල වීමක් නේ ද කියල.
ඔබ කියන අයුරින් සිංහළ සිංහල වීමෙන් අර්ථමය හානියක් නැත්තේ ය. එහෙත් ඔබ මෙහි දී යම් දෙයක් අමතක කර ඇත. මුදුන් ළ-යන්න දතේ ල-යන්න බවට නිකම්ම වෙනස් කළ නො හැකි යි. එසේ කළොත් අරුත සහමුලින් ම වෙනස් වේ.

අඩු ගණනේ බසේ නම හෝ සිය බසින් ලියන්නට පටන් ගනිමු. එසේ වෙනස් කළ විට වියරණ පාරිශුද්ධිය ලැබේ. සිංහළෙන් කියතොත් වියරණ පිරිසුදු වේ. ඔව්, වියරණ පිරිසුදු වීම තමා අපට සැලසෙන සෙත. ඒ වගේම වියරණ පිරිසුදු වීම තමා බසකට ලැබිය හැකි උපරිම සෙත. අපේ බසේ නමේත් වියරණ වරදවා ලියන්නේ නම් අනික් වියරණ ගැන කතා කිරීමෙන් පලක් ඇති ද?

ඉන්‍දියාවේ සකුවට අපේ බස යට කරන්නේ ඉන්‍දියාව අපට අහවල් දෙයක් දුන්නාට දැ යි නො දනිමි.

ප.ලි. සිංහළ යන්න සිංහල ලෙසට පත් වීමේ දී සරල වූ බවක් ඔබ කියයි. ඒ සරල බව කුමක් ද? මට නම් එබන්දක් නො පෙනේ. ඔබට අවැසි නම් සිංහල යැයි වැහැරීමට නිසි නිදහස ඇත. කිමද යත් සකු වියරණයට අනුව එහි දොසක් නොමැති නිසා. එහෙත් සිතන්නට ඇත්තේ සකුව යනු හුදෙක් ඉන්‍දීය නිමැවුමක් බවත්, එයට අපේ බස යට කිරීම යනු ද, සුද්දාගේ ඉංග්ලිෂ් බසට අපේ බස යට කරන ඇතැම් නිවේදකයන් කරන්නා වාගේම පරගැති කමෙකි.රජිත් විදානආරච්චි(Rajith Vidanaarachchi)http://www.blogger.com/profile/06480425066273873755noreply@blogger.comtag:blogger.com,1999:blog-4525045576007208501.post-3623406062372212902008-07-24T12:27:00.000+05:302008-07-24T12:27:00.000+05:302008-07-24T12:27:00.000+05:30ගිනි නරියාගෙන් කියවිය නොහැක. text-align:justify සද...ගිනි නරියාගෙන් කියවිය නොහැක. text-align:justify සදහන් දෑ
text-align:left ලෙස සකසන්න. එවිට මෙය නිවැරදිව දිස්වේ.

මේ මාතෘකාව අපට බෙහෙවින් වැදගත් වන මාතෘකාවක් කියල කියන්න පුළුවන්. ඒ වගේම හොදට ලියා තිබෙනව.Harshana Weerasinghehttp://www.blogger.com/profile/18318035110506547053noreply@blogger.comtag:blogger.com,1999:blog-4525045576007208501.post-47940017522122969232008-07-24T12:15:00.000+05:302008-07-24T12:15:00.000+05:302008-07-24T12:15:00.000+05:30නිරවුල් බසින් කළ කදිමැ ලිපියෙකි. කියවන්නාට හරවත් ද...නිරවුල් බසින් කළ කදිමැ ලිපියෙකි. කියවන්නාට හරවත් දැනුමක් සදන්නෙකි. මේ අවුල ගැනැ කලෙක මම ද මුසුප්පු වීමි. ඓතිහාසික විකසනය අනුවැ ඔබේ දැක්ම නිවැරදි යැ. එහි කිසි පරහක් නැති. එහෙත් අප වදනෙක වියරණ වැට මෙන්මැ එහි භාවිතය ද සැලැකිය යුතු යයි හඟිමි. හෙළ > සිව්හෙළ > සීහෙළ > සිංහළ > සිංහල ආදී ලෙස සිදු වූ විකසනයේ අවසන යම් වරදෙක් තිබුණ ද බසේ යම් සරල වීමක් ද වියැ. ඉන් කිසි අර්ථමය හානියෙක් ද නැති. ඒ සියල්ල නොතැකුව ද අද හෙළ හවුලේ පඬිවරු හැර සියල්ලෝ සිංහල යයි වහරති. නැවත අප සිංහළ යයි ලීව ද වියරණ පාරිශුද්ධිය හැර අන් යමක් ලැබේ ද?
කෙසේ නමුදු මේ ලිපිය ලිවීම මැ මහඟු වැඩෙකි. ඕනෑ ම කෙනෙකුට සිංහළ යයි ලිවිය හැකි ය. එහි කිසි වරදෙක් නැති. මම එසේ නොලීව ද එයට නොගරහමි. හිසැ නමමි.නාමල් උඩලමත්තhttp://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.com